ප්‍රධාන පෙළේ සමාගම් පොහොර සහනාධාරයත් ගසා කාලා

රජයේ පොහොර සහනාධාරය යටතේ රජයේ මුදල් කෝටි ගණනක් වංචා කළ බව පැවසෙන ප්‍රධාන පෙළේ පොහොර සමාගම් හතක සහ ඊට අනුබල දුන් සිල්ලර කඩ පහක(කොළඹ පෙට්ටි කඩ) බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.

අදාළ සමාගම් රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ පොහොර මිටිය පුද්ගලික අංශයට 3500කට විකුණා අයුතු ලාභයක් ලබාගෙන තිබියදී එම පොහොර රුපියල් 1100කට ගොවි ජනතාවට ලබා දුන් බව පවසා රජයෙන් රුපියල් 1400ක සහනයක් ලබාගෙන රජයේ මුදල් කෝටි ගණනින් වංචා කළ බවටයි චෝදනා එල්ල වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර පෙරේරාගේ උපදෙස් පරිදි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී මෙරට පොහොර සමාගම් 18ක් විසින් රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට ගොවි ජනතාවට ලබදිය යුතුව තිබියදී , රුපියල් 3500කට කාබන් නිෂ්පාදන සමාගමකට අලෙවිකර ගොවින්ට ලබා දුන් බව අඟවමින් රජයේ මුදල් අවභාවිතා කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ බැංකු වාර්තා කැඳවීමට නියෝග කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන අය කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර ඇ.තැයි සඳහන්.

1982 අංක 17 දරණ පොදු දේපළ පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර අදාළ පොහොර තොග ඒකල හා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි තොග ගබඩා මගින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි පොල්කටු අඟුරු මගින් කාබන් නිෂ්පාදනය කර අපනයනය කරන මෙරට කර්මාන්ත ශාලාවකට විකුණා ඇති බව මෙතෙක් කළ විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු වල දැක්වෙනවා.

පොහොර මිලදී ගැනීම සඳහා ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කළ ආයතන පහක් පොහොර සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති බවත්,කොළඹ ප්‍රදේශයේ පිහිටි තේ අලෙවිසල්, කිරි අලවිසල් හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන මගින්ද පොහොර ලබාදුන් බවට මුදල් ලබාගැනීමට ඉන්වොයිස් පත්‍ර යොමු කර ඇති බවත් කරුණු දැක්වීමේදී පොලීසිය පවසා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles