ප්‍රධාන ස්වර්ණාභරණ ආයතන හොර පාරෙන් රත්තරන් ගෙනත්!

මෙරට ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්තරන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නීති විරෝධී රත්රන් තොගය සඳහා රුපියල් කෝටි 4400 ක පමණ දඩ මුදලක් අය කිරීමට නියමිතව ඇති බව රේගුව පවසනවා.

මේ අතර පිරිසක් හොර පාරෙන් එම රන් තොගය නිදහස් කිරීමේ සූදානමක් පවතින බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා.

රජයට ගෙවිය යුතු බදු නොගෙවා නීති විරෝධී අයුරින් එලෙස රත්රන් ලබාගෙන තිබූ බව කියන අදාළ ආයතන අතර මෙරට ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ ආයතන කීපයක්ම තිබෙන බවද වාර්තා වෙනවා.

මෙරට ප්‍රධාන ස්වර්ණාභරණ ආයතන කාලයක් තිස්සේ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ඉන්දියාවෙන් රන් තොග ලබා ගන්නා අතර එම නිසා රජයට වසරකට රුපියල් කෝටි 30000 ක පමණ බදු ආදායමක් අහිමිවන බව රේගුව කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles