මාලිමා මන්ත්‍රීන්ගේ වැටුප් කප්පාදු කරන බව කියා නැහැ : මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසනවා‍.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව නිශ්චිත කරුණු තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බවයි ඇය කියා සිටින්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සිටින බවත් ඔවුන්ගේ වැටුප් කපා හරින්නේ යැයි තමන්ට කිව නොහැකි බවත් මන්ත්‍රීවරිය පවසා සිටියා.

කෙසේ වෙතත් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ වැටුප පොදු අරමුදලට බැර වන අතර එමඟින් තමනට ප‍්‍රමාණවත් දීමනාවක් ලැබෙනු ඇති බවද ඇය පෞද්ගලික රූපවාහිනියක පැවති සංවාදයකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles