මාලිමාවේ ගම්පොළ ආසන සංවිධායක ජනපතිට සහය දෙයි

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර හමු වී ඔහු තම තීරණය දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

අනුරාධ ජයරත්න විසින් රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද අනූෂ විමලවීර සහභාගි වී ඇති අතර ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බව එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

උදේට කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵල කරුණක් බව ද ඔහු වැඩිදුරටත් එහිදී පවසා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles