Breaking: පොලිස් සිරමැදරියේදී අයෙක් මරුට!

හම්බන්තොට වරාය පොලිස් සිරමැදිරියේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

අවුරුදු 45 වයස බව කියන මෙම පුද්ගලයා සිර මැදිරිය තුළ දී ගෙල වැල ලාගෙන මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් මෙයට කලකට පෙරද හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අතුරුදන් වූ බවට මහත් ආන්දෝලනයක් ඇති වුණා. දින ගණනාවකට පසුව එම පුද්ගලයා පැමිණ අධිකරණයට භාර වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles