පසුගිය අරගල සමයේ ඊට සම්බන්ධව ක්රියා කළ සමාජ ක්රියාකාරිකයකු වන ධානිෂ් අලි නැමැත්තා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (27) දහවල් කාලයේ දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා භාරයට ගෙන තිබෙනවා.
ආරක්ෂක හමුදා භාරයට ගත් ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිස් ස්ථානයට භාර දුන් බව දුම්රිය ආරංචිමාර්ග පවසනවා.
අරගල සමයෙන් පසු මොහු කටුනායක ගුවන් තොටුපොළෙන් රටින් පිටවීමට ගිය වකවානුවේ ගුවන් යානය තුළදී පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අතර චතුර සේනාරත්න සමඟ පසුගිය සමයේ දේශපාලන ක්රියාකාරකම්වලට සම්බන්ධ වීම කැපී පෙනුණා.