අපේක්ෂා රෝහලේ මන්න ප්‍රහාරයක්: සිදුවීම පිටුපස බිත්තර හොරකමක්

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට පිළියෙළ කිරීමට ගෙනා ආහාර වර්ග සොරකම් කිරිමේ සිද්ධියට අදාළ රෝහලේ සුළු සේවකයෙකු විසින් රෝහලේ පරිපාලන නිලධාරිවරයාට පොල් බිඳින මන්නයකින් පහරදී තුවාළ සිදුකර තිබෙනවා.

මෙම පහරකෑමට ලක් වූ නිළධාරියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මහරගම පොලිසිය පවසනවා.

මෙලෙස සුළු සේවකයා විසින් පරිපාලන නිලධාරිවරයාට පහර දීමට හේතු වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා ආහාර පිළියෙළ කිරීමට ගෙන ආ කුකුළු මස්, බිත්තර, එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය දීර්ඝ වශයෙන් සොරකම් කර රෝහල ආසන්නයේ හෝටලයකට අලෙවි කර මුදල් ලබා ගන්නා බවට හෙළිදරව් වීමෙන් පසුව බවයි සඳහන් වන්නේ.

එම සිදුවීමෙන් අනතුරුව ඔහුගේ සේවා ස්ථානය වෙනස් කිරිමට බළධාරින් කටයුතු කළ අතර එයින් කෝපයට පත්වූ සුළු සේවකයා පරිපාලන නිලධාරිවරයාගේ නිල කාර්යාලයට මන්නා පිහියක් රැගෙනවිත් පහරදී ඇති අතර එහි ඔහුගේ අතෙහි කැපුම් තුවාලයක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පහර දීම කළ සැකකාර සුළුසේවකයා පලාගොස් ඇති අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී ඇති බවත් මේ පිළිබඳ මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles