ඩුබායිහි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්” අද (29) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
නඩු කටයුත්තක් සඳහා ඔහු එලෙස ගෙන ආ බවයි සඳහන් වන්නේ.
මේ වනවිට මන්නා රමේෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ රැඳවුම් කාලය අගෝස්තු 08 වනදා අවසන්වීමට නියමිතයි.
සැකකරුගේ රැඳවුම් කාලය අවසන් වන දිනයේදී ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇතැයි සඳහන්.
ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් මැයි 07 වනදා අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.