අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරනු ලැබුවේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් මත ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු ඇතිව තිබුණා.