පසුගිය කාලය පුරාවට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ද ඒ අතර වෙනවා.
පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද ඒ අතර සිටින බව සඳහන්.
ඒ අනුව පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග , තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද සඳහන් කළා. පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ද මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව සඳහන්.
ඊට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල, ෂාන් විජයලාල් ද සිල්වා,විමල් වීරවංශ, ආචාරය බන්දුල ගුණවර්ධන, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, සී.වී.විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ෂෙහාන් සේමසිංහ, එස්.බී.දිසානායක යන හිටපු මන්ත්‍රීවරුන්ද මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බවට තීරණය කර තිබෙනවා.
එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් ද මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.