චීනයේ හංග්චොව්හිදී පැවැත්වෙන ආසියානු පැරා ක්රීඩා උළෙල ශ්රී ලංකාවේ සමිත දුලාන් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
එසේම ඊයේ (24) නුවන් ඉන්දික ගමගේ සහ ප්රදීප් සෝමසිරි පැරා ක්රීඩා උළෙලේදී රන් පදක්කම් දිනා ගනු ලැබුවා.
මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරඟයේදී තත්පර 11.63 ක දක්ෂතාවක් පෙන්වමින් නුවන් ඉන්දික මෙම රන් පදක්කම හිමි කර ගත්තේ.
ප්රදීප් සෝමසිරි මිනිත්තු 4යි තත්පර 5.1කින් තරඟය අවසන් කරමින් නව තරඟාවලි වාර්තාවක් සමඟින් 1500 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තා.