විදුලිබිල පනත සංශෝධනය කිරීම පිළිබඳ පණත් කෙටුම්පතේ දින වකවානු පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (08) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා.
05 වැනිදා ගැසට් කළ බව සඳහන් වුව ද සත්‍ය වශයෙන්ම කෙටුම්පත ගැසට් කර ඇත්තේ 08 වැනිදා බවයි ඔහු පවසන්නේ.
ගැසට් කිරීම 05 වැනිදා සිදු කළා නම් දින 07ක් ඇතුළත කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බවත් 15 වැනිදා අධිකරණය නිවාඩු දීමෙන් පසු කෙටුම්පතට විරුද්ධව විවිධ පාර්ශ්වයන්ට සහ පුරවැසියන්ට අධිකරණයට යාමට ඇති කාලය ඇහිරී ඇති බවත් ඔහු සඳහන් කරනවා.
එබැවින් මෙම කෙටුම්පත ගැසට් කර ඇති ආකාරය වංචනික එකක් බවයි පුබුදු ජයගොඩ පවසන්නේ.
ලංකාවේ පනතක් ගැසට් කිරීමේ දී සියලු භාෂාවලින් එය ඉදිරිපත් කළ යුතු නමුත් කෙටුම්පත දෙමළ බසින් ගැසට් කර නොමැති බව ද ඔහු අනාවරණය කරනවා.
එසේම කෙටුම්පතේ සෝදුපත් බැලීම ද සිදු කර නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.
”පුk3/4ජනනීය” හා “පහත දැක්වෙk ish fyda hi idrkd linkaofhka” ආදී වැරැදි යෙදුම් කෙටුම්පතේ ඇතුළත් වන බව ද ඔහු මාධ්‍ය හමුවේ දී අනාවරණය කර තිබෙනවා.