live sex සමාජ ජාල වලට මුදාහැරි විවාහක යුවල

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරි විවාහක යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හොරණ කුඹුක ප්‍රදේශයේ දීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මෙම සැකකාර යුවල විසින් වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ කොටස් ඉලක්ක කරමින් මෙම සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර ඇති බවට ද අනාවරණය කර ගෙන තිබෙනවා.

පසුව 23 හැවිරිදි සැකකාරිය හා 25 හැවිරිදි සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැරියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles