ඇතුල්කෝට්ටේ පිහිටි පාද සම්බාහන මධ්‍යස්ථානයක සුරූපී තරුණියක් අයුතු ලෙස සිරකරගෙන ඇයට පහරදුන් එම ආයතනයේ ප්‍රධානියා සහ තරුණියන් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (5) නියෝග කර තිබෙනවා.
23 හැවිරිදි හෂිණි නිලුක්ෂා නමැති තරුණියව ඇතුල්කෝට්ටේ පිහිටි බිලිප් බියුටි ෆුට් කෙයාර් නමැති ආයතනයේ සිරකරගෙන සිටි අතර පොලිසිය විසින් පැයක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ඇයව බේරාගත් බවයි සඳහන් වන්නේ.
වින්දිත තරුණිය අදාළ පාද සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කරන බවත්, එම ආයතනයේ සියලුදෙනා ඉකුත් පෙබරවාරි 27 වැනිදා කතරගම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් ඇතැයි දන්වා සිටි පොලිසිය එහිදී ඔවුන් කතරගම දේවාලය අසල ලැගුම්හලක නවාතැන් ගෙන ඇතැයි අධිකරණයට දන්වා තිබෙනවා.
එහි නාන තටාකයේ වින්දිත තරුණිය සහ අනෙකුත් පිරිස නාමින් සිටින අවස්ථාවේදී මත්පැන් වර්ග සහ විවිධ මත්ද්‍රව්‍ය පානය කර තිබෙන බවත්, එම තරුණියට මත්පැන් සහ ගංජා පානය කරන ලෙස ආයතන ප්‍රධානියා බල කර ඇති බවත් , එම අවස්ථාවේ වින්දිත තරුණිය ඡායාරූපගත කර ඇති බවද පොලිසිය කරුණු ඉදිරිපත් කර ඇති බවට සඳහන් වෙනවා.
එම අවස්ථාවේදී වින්දිත තරුණිය අසලට පැමිණි ආයතන ප්‍රධානියා, තරුණියගේ රුපියල් 35000ක් පමණ වටිනා ජංගම දුරකථනය පොළොවේ ගසා ඇයගේ වම් කනට පහරක්ද ගසා ඇති අතර පසුව තරුණිය රෝහල් ගත කර ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, එහිදී ඇයගේ කන් බෙරය පුපුරා ගොස් ඇතිබවට අනාවරණය වී තිබෙනවා.
පසුව නැවත අදාළ ආයතනය වෙත පැමිණි වින්දිත තරුණිය එහි ආයතන ප්‍රධානියා සහ තවත් තරුණියන් දෙදෙනකු විසින් අයුතු ලෙස සිරකරගෙන සිටියදී මුදාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරන්නේ.
ඒ අනුව පිළියන්දල, බෝකුන්දර, විහාර මාවත පදිංචි කුසුමාදුවගේ මහේෂි ඊශානි සහ කුඹල්වල රත්පහගම පදිංචි රාජපක්ෂ පන්තේරු විදානලාගේ සචිනි වසුන්දරා රාජපක්ෂ නමැති සැකකාරියන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහිදී අදාළ ආයතනයේ ප්‍රධානියා වන අංක 62, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ පදිංචි දිල්ශාන් රාජකරුණා නමැති සැකකරු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව අනාවරණය වෙනවා.
අදාළ සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ලබන 10 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.