පෞද්ගලික උපකාරක පංතියකට ගොස් මව සමග නැවත නිවස වෙත පැමිණෙමින් සිටි සිසුවියක් පැහැරගෙන තිබෙනවා. මවටද පහර දී මෙසේ දැරිය පැහැර ගෙන ඇත්තේ ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙකු බවයි පොලිසිය පැවසුවේ.
හොරණ පාසලක සිසුවියක් වන මෙම දැරිය මව සමග එමින් සිටියදී ත්‍රිරෝද රථයකට ඇද දමාගෙන තිබෙනවා. මවද ඊට නැගීමට උත්සාහ කිරීමේ දී මෙකී පෙම්වතා කියන අය විසින් ඈට එළියට විසි වෙන්නට පයින් පහරක් එල්ල කර ඇති බවයි ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.
සැකකරු සහ අදාළ ත්‍රිරෝද රථය මේ වන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වූයේ.