තියුණු ආයුධවලින් කපා කොටා අද (03) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලීසිය පවසනවා.
මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි ව සිටි එම්.කලණ නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර ඇති අතර, ඔහු බරපතළ තුවාල සහිත ව කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය පරීක්ෂණ පවත්වනව බව වැඩිදුරටත් කියා සිටිනවා.