රටේ ආර්ථික තුවාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් තව ටික දිනකින් සම්පූර්ණයෙන්ම සුව කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පවසනවා.
තුවාලයකට වුවද බෙහෙත් දමන විට වේදනාවක් දැනෙන බවත් මේ වන විට රටේ ආර්ථිකය නමැති තුවාලය සුවපත් කිරීමට රනිල් වික්‍රමසිංහ බෙහෙත් දමමින් සිටින බවත් ඔහු සඳහන් කරනවා.
ඉදිරියේ දී ආර්ථිකය සුවපත් වූ විට ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය සැබෑව ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන පවසා තිබෙනවා.