ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉවතට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කරන්නේ එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු මෙසේ ඉවත් කළ බවයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේදී චෝදනා එල්ල වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles