ප්‍රමිතියෙන් තොර වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය සේවයට සහ සාමාන්‍ය ජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතළ තත්වයට වගකිව යුතු අමාත්‍ය මණ්ඩලය ඇතුළු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ ට්‍රාන්ස්පේරන්ස් ශ්‍රී ලංකා ආයතනය විසින්.
කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය අංශයට සම්බන්ධ වත්මන් හා හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය, අදාළ සමාගම, භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සහ නීතිපතිවරයාද ඇතුළත්ව 66 දෙනෙකු මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් කර තිබෙනවා.
පොදු දේපළ අවභාවිතය හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළබඳව වග වන ලෙසයි පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.