මැදින් පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බෞද්ධයන්ගේ විශ්වාසය අනුව මැදින් පොහොය දිනය වැදගත් වන්නේ, ඥාතින්ට ගෞරව පිණිස බුදුන් වහන්සේ සිය උපන් ගම වන කිඹුල්වත් පුරට වැඩම කළ දිනය නිසාවෙන්.
ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම, රාහුල කුමරු පැවිදි කිරීම, දෙමව්පිය අනුමැතිය සහිතව පමණක් දරුවන් පැවිදි කිරීමට නීතිය පැණවීම සේම යසෝදරාව වෙනුවෙන් සඳකිඳුර ජාතකය දේශනා කිරීමද සිදු කර ඇත්තේ මැදින් පොහෝ දිනයි.
අද දිනයේදී දිවයින පුරා විහාරස්ථානවල ශීල ව්‍යාපාර ඇතුළු විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙන බව වාර්තා වෙනවා.