මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා නැතැයි වාර්තා වෙනවා.
මෙය මන්ත්‍රීවරුන්ගේ අවසන් දීමනාව හෙයින් බොහෝ දෙනෙක් ඒ් පිළිබඳව විමසීම් කර ඇතත් මෙම ණය මුදල් කපා ගැනීමට අවශ්‍ය බැවින් දීමනා ලබා දීම ප්‍රමාද කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට පෙර 27 වැනිදා වන විට මන්ත්‍රී දීමනාව ලබා දෙනු ලැබූ බවයි පැවසෙන්නේ.
පාර්ලිමේන්තු භෝජනාගාරවල ඉතා අඩු මුදලකට ආහාර ලබා දීම පසුගිය කාලයේ කතාබහට ලක් වූ මාතෘකාවක්.