‘ප(ර්)සිඩියස්’ නමින් හැඳින්වෙන් දර්ශනීය උල්කාපාත වර්ෂාවක් මේ දිනවල අලුයම් කාලයේ දී දැකගත හැකි බව වාර්තා වෙනවා. ඇමරිකානු උල්කාපාත සංගමයට අනුව, උල්කාපාත වර්ෂාව සෙනසුරාදා රාත්‍රියේ අග භාගයේ සිට ඉරිදා අලුයම සහ සඳුදා දක්වා ඉහළ යනු ඇති අතර, නගරවලින් බැහැරව අඩු ආලෝක දූෂණයක් ඇති ස්ථානවලින් වඩාත් හොඳින් නැරඹිය හැකි වනවා.
ස්මාට් දුරකතන සහ විදුලි එළිවලින් මිදී විනාඩි 30ක් පමණ අඳුරට හුරු වූ පසු පියවි ඇසින් මෙය දර්ශනීය ලෙස නැරඹිය හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා. අලුයම් කාලයේ 1න් පසු මෙම කලාතුරකින් දකින්නට ලැබෙන දර්ශනය ලංකාවේ ජනතාවට නැරඹිය හැකි බව මෙරට අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.