මැදපෙරදිග ලාංකිකයන්ට විශේෂ පණිවුඩයක්!

මැදපෙරදිග ගැටුම් පවතින ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසත්, දැඩි අවධානයෙන් සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දෙනවා.

කිසියම් හදිසි අවස්ථාවකදී ටෙල් අවිව් (ඊශ්‍රායලය) සහ රමල්ලා (පලස්තීනය) හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට කියා සිටිනවා.

මැදපෙරදිග පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම සහයක් ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය විසින් හදිසි දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගිනුයි.

හදිසි ඇමතුම් අංක 0094711 757 536 හෝ 0094711 466 585 යන අංක එසේ දක්වා තිබෙනවා.

ඊට අමතරව, ස්ථාවර දුරකතන අංකය +94 112 338 837 සහ විද්‍යුත් තැපෑල හරහා සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සම්බන්ධ කර ගත හැකි වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles