වැඳලා එළියට බහිද්දිම පිරිත් නූල ගලවා විසි කළා: මිහින්තලේ හිමි අනුරට දෙස්ස කපයි!

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තමා විසින් බැඳි පිරිත් නූල ගලවා විසි කළ බව මිහින්තලේ විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වී පවසා තිබෙනවා.

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට අනුර කුමාර දිසානායක පත් වූ දිනවල තමා බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මේ සිදුවීම වූ බවයි ධම්මරතන හිමි පවසන්නේ. තමා ඔහුගේ සුරතේ පිරිත් නූල බැඳ ආවාසයෙන් එළියට බහින විටම එය ගලවා විසි කරනු තම රියදුරා සහ ගෝල හිමිවරුන් දුටු බවත් මිථ්‍යා දෘෂ්ටිකයන්ට පිරිත් නූල් වලින් පලක් නැති බව තමා තම සිසු හිමිවරුන්ට කියා දුන් බවද ඒ හිමියෝ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles