කෝටිපති ව්‍යාපාරික දිලිත් එන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන්!

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ජනපතිවරණයට තරඟ කිරීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) සිදු කෙරුණා.

රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙන් වන දිලිත් ජයවීර ජනපතිවරණයට තරඟ කරන පක්ෂය වන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයයි.

දිලිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ වීම විශේෂත්වයක් වනවා.

මෙරට බිහිවූ ප්‍රධානතම වාමාංශික පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙරට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රබල සලකුණු තැබූ පක්ෂයක් ලෙස මෙතෙක් කලක් සැලකුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles