මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු වන ඔතේ කැලේ මානා නොහොත් සමන් කුමාර නැමැත්තාගේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කෝටි විසිතුනහමාරක කසිප්පු තොගයක් සමඟ දෙදෙනෙක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෝඩා බැරල් 130 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඔතේ කැලේ ඇළ ඉවුරේ පවත්වා ගෙන ගොස් ඇති අතර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් සිදුකරනු ලබන වැටලීම් හේතුවෙන් මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරු වන මානා නැමැත්තා පොලිස් නිලධාරීන් අමතා වැටලීම් සිදුනොකරන ලෙසට දුරකතන පණිවිඩ දෙමින් හඬා වැළපෙන බව ද පොලිසිය පවසනවා.
මීට සතියකට පමණ පෙර ඔතේ කැලේ ප්‍රදේශයෙන් ගෝඩා බැරල් 80 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.