මධ්‍යම තැපැල් හුවමාරුවේදී සැකකටයුතු පාර්සල් 25ක් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුක්ත මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජර්මනිය සහ එංගලන්තයේ සිට කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පුද්ගල ලිපිනයන්ට මේවා එවා තිබුණද එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.
එක්ස්ටසි, කුෂ්, එම්පෙතමින්, ආදී මත්ද්‍රව්‍ය එම පාර්සල්වල අසුරා තිබෙනවා.