ඇමැති හරීන්ට මරණ දඬුවම දිය හැකියි : ගම්මන්පිල

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය රාජාද්‍රෝහී වරදක් බවත් එය මරණ දඬුවම් බව ලබාදිය හැකි වරදක් බවත් පිවිතුරු හෙළ උරුම නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඉන්දියාවේ දී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට කළ ප්‍රකාශය සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය උල්ලංඝණය කර ඇති බවත් මේ ප්‍රකාශය එක පැත්තකින් ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන් දිවුරුම උල්ලංඝණය කිරිමක් බවයි ඔහු පවසන්නේ.

එම ප්‍රකාශයට අනුව හරින් ඇමතිවරයාට තවදුරටත් ඇමති ධූරය දැරීමට නොහැකි බවත් අනිත් පැත්තෙන් අපේ රට තවත් රටකට ඈඳීමට කටයුතු කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක් ද වන බවයි ඔහු පවසා සිටියේ.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව රාජද්‍රෝහිත්වයට නියම කර තිබෙන දඬුවම මරණ දඬුවම බවත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයාද මරණ දඬුවම ලබා දිය හැකි වරදක් සිදු කර ඇති බැවින් එම දඬුවම ලබා දියහැකි බවයි ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles