වරාය, නාවුක, ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා විසින් මහියංගණයේදී ඊයේ (28) සංවිධාන කර තිබූ පොත් බෙදා දීමේ උත්සවයකට දෙමාපියන් බරපතළ විරෝධය පළ කර තිබෙනවා.
දඹාන, ඉඹුලපොළ ඇතුළුව මහියංගණ කලාපයේ ආර්ථික වශයෙන් අමාරු අඩියක සිටින ගම්මාන කිහිපයක දරු දැරියන් මේ සඳහා ගෙන්වා තිබුණා.
කෙසේ වෙතත් දරුවන් ගෙන්වාගෙන බොහෝ රස්තියාදු කර එක් අයෙකුට පිටු 40 අභ්‍යාස පොත බැගින් පමණක් ලබා දී ඇතැයි පවසන දෙමව්පියෝ මෙය විහිළුසහගත කටයුත්තක් කියමින් චෝදනා කරනවා.
සමහර පළාත්වල මව්පියන් එම උත්සවය සඳහා පැමිණ ඇත්තේ රු.800-1000 ගෙවා ත්‍රීරෝද රථ පවා කුලියට ලබා ගෙන බවත්, අන්ත දුගී දුප්පත් ජනයා මෙසේ ගෙන්වාගෙන පිටු 40 පොතක් ලබා දී දේශපාලන ප්‍රචාරයක් ලබා ගැනීමට ක්‍රියා කිරීම ගැන ඇමැතිවරයා ලැජ්ජා විය යුතු බවයි අදාළ උත්සවයට සහභාගි වූ ජනතාව ප්‍රකාශ කර ඇත්තේ.
මෙම උත්සවය දඹානේ දී පැවැත්වූයේ නම් මෙලෙස විරෝධයක් පමණක් නොව ඇමැතිවරයාට හොඳ ගුටි පූජාවක්ද ලැබෙන්නට සෑහෙන ඉඩ තිබූ බව මව්පියන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
😂😂😂😂