ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් තිබෙනවා. තමාට එල්ල ව ඇති ජීවිත තර්ජන සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමටයි, ඔහු ඒ හමුවට ගොස් ඇත්තේ.
ඔහු මේ පැමිණිල්ල සමඟ ලියකියවිලි ප්‍රමාණයක්ද භාර දුන් බව වාර්තා වුණා. කෙසේ වෙතත්, ක්‍රීඩා අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බවට විවිධ ආරංචි පළ වුණා. අය-වැය කටයුතුවලින් පසු සිදුවන කැබිනට් සංශෝධනයකදී මෙය සිදුවනු ඇති බව කියැවුණා.