ඇමැති සනත්ගේ රියදුරා රිමාන්ඩ්: දුරකතනය රහස් පොලිසියට

පසුගිය 25 වැනි දා අලුයම අධිවේගී මාර්ගයේ දී අනතුරට ලක්ව මිය ගිය සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ රථය පැදවූ රියදුරා වන ප්‍රභාත් එරංග යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබුණේ අනතුර සිදුවූ ආකාරය පිළිබඳවයි. එහිදී හෙළි වූයේ ඔහු ඉතා අනාරක්ෂිත ආකාරයට රිය පදවා ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත්තේ එහි අනතුරට පෙර පළ කර තිබෙන වට්ස් ඇප් සටහනක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ. එහි තමාගේ මරණය සම්බන්ධයෙන් වන සටහනක් ඔහු තබා ඇති බවයි කියැවනේනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles