සිපෙට්කෝ ඇමැති කංචනට පිටුපායි

ඉන්ධන පිරවුම්හල් වල අවම ඉන්ධන තොග පවත්වා නොගැනීම ඇතුළු තවත් වැරදි සම්බන්ධව පැමිණිලි 822ක් ලැබී තිබෙනවා.ඒ 2022 ජනවාරි 1දා සිට මේ වසරේ ජූලි 31 වන දා දක්වා ලැබු පැමිණිලියි. එසේම මෙම පැමණිල්ලි සඳහා කිසිදු නීතිමය පියවරක් ගෙන නැහැ.

ඉන්ධන මිල සංශෝධනය වන අවස්ථාවලදී බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් අවශ්‍ය පරිදි ඉන්ධන ඇණවුම් නොකර, සියයට පනහක අවම ඉන්ධන තොග පවත්වා ගෙන නොගිය ඉන්ධනහල් හිමිකරුවන්ට එරෙහිවයි මෙම පැමිණිලි ලැබී ඇත්තේ.

නීති උල්ලංඝණය කරන පිරවුම්හල් සම්බන්ධව නීතිමය පියවර ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබියදීයි මෙසේ සිදුව තිබෙන්නේ.

නිසි විමර්ශනයකින් පසු වැරදිකරු වන ඉන්ධනහල්හි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට බලය ඇති අතර මීට පෙර චෝදනාවන්ට හසු වී ඇත්නම් එම ඉන්ධන අලෙවි බලපත්‍ර සම්පූර්ණයෙන් ම, අත්හිටුවීමට කටයුතු කළ හැකි බවටයි අදාළ චක්‍රලේඛ වල දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles