BMICH පොත් ප්‍රදර්ශනය විවෘත නොකර, ඇමැති සුසිල් පළා යයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් 24 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර ගොඩගේ සමාගමේ අධිපති සිරිසුමන ගොඩගේ විසින් අද (22) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කළා.

ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රදර්ශනය විවෘත නොකර කඩිනමින් එම ස්ථානයෙන් පිට වීම නිසයි.

මෙම ප්‍රදර්ශනය අද(22) සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වා උදෑසන 9 සිට රාත්‍රී 9 තෙක් පැවැත්වීමට නියමිතයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායක කමිටු සභාපති චන්දු හපුතන්ත්‍රි වන අතර මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා කුටි 400කට පමණ අවකාශය සලසා දී ඇති බව සඳහන් වෙනවා.

මේ අතර පොත් ප්‍රදර්ශනයට අමතරව විනෝදාස්වාදය සඳහා වැඩසටහන් රාශියක්ද මෙවර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles