ඇමැති තොණ්ඩමන් නීතිය අතට ගනී: පොලිසිය ඉදිරිපිට යකා නටයි

ලංකා කම්කරු කොංග්‍රස් මහලේකම් ඇමැති ජීවන් තොණ්ඩමන් අද (01) පස්වරුවේ නුවරඑළිය මූලස්ථාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා. ඔහුගේ පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක්ද ඊට කැඳවාගෙන තිබු බවත් මේ හේතුවෙන් නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින්ද අමතර බලඇණි කැඳවූ බවත් සඳහන් වුණා.

කැළණිවැලි වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු ප්‍රධානීන් රැසක් තේ කර්මාන්තශාලාව තුළ පැය කිහිපයක් අඩස්සියේ තබා ගැනීමට එරෙහිව වතුයායේ පාලන අධිකාරිය නුවරඑළිය පොලිසියට පැමිණිලි කර තිබුණා.

පොලිසිය ඉදිරිපිට කලහකාරී අන්දමින් විරෝධයේ යෙදී සිටින අමාත්‍යවරයාට සාකච්ඡාවක් සඳහා පොලිසිය තුළට එන ලෙස කිහිපවතාවක් නිලධාරීන් ඉල්ලීම් කළත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ඔහු පසුව සාකච්ඡාවකට එක් වුණා. එයින් පසුව සිය ආධාරකරුවන් ඇමැතූ ඇමැතිවරයා කියා සිටියේ තම ආධාරකරුවන්ට එරෙහිව කැළණිවැලි වතු සමාගම නුවරඑළිය පොලිසියේ පවරා ඇති පැමිණිල්ල ඉවත් කර ගැනීමට එකඟතාව පළ වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles