බිත්තර මාෆියාවට එරෙහිව ඇමැති සටනට

මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුව ද මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ අනුව, බිත්තර නිෂ්පාදකයන් හා වෙළෙඳ මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

එම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles