කීරි සම්බා හිඟය නිසා එයට සමාන GR 11 නම් සහල් වර්ගයෙන් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට පසුගියදා කැබිනට් තීන්දුවක් ගනු ලැබුවා.
මේ සහල් ආනයනයේදීත් යටිමඩි ගැසීමේ අරමුණක් ක්‍රියාත්මක වන බවට වාර්තා පළ වෙනවා.
කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු විසින්. ඔහු මෙයට පෙර සතොස සභාපතිවරයා ලෙසද කටයුතු කළ අයෙක් වන අතර වංචා චෝදනා මත අත්අඩංගුවේද පසුවුණ අයෙක්.
කැබිනට් තීන්දුව අනුව සහල් ආනයනය කිරීමට පෙර සුදුසු ආනයනකරුවන් හඳුනාගැනීමේ නිසි ක්‍රමවේදය නොසලකා අමාත්‍යංශ නිලධාරීන් වෙත එවූ කෙටි පණිවුඩයක් මගින් නම් කර ඇති පිරිසකට බලපත්‍ර ලබා දී තිබෙනවා.
කෙටි පණිවිඩයේ මෙවැනි නම් කිහිපයකුයි සඳහන් වන්නේ,
AZEEZ BROTHERS
BENSON TRADERS
RTS FOODS LTD
ENSEN Trading LTD
VD HOLDINGS
NANDANA ENTERPRIZE
GNANAM IMPORTS
PULSES PROCESDING LTD
BARIK ENTERPRIZE
PM MOHOMED ALI LTD
මොවුන් තෝරාගත් පදනම කුමක්ද යන්න ගැටලුවක් බව පෙනී යන අතර කිසිම විවෘත භාවයක් එහි දක්නට ඇත්තේ නැහැ. අනෙක් අතර ආනයනය සඳහා විවෘත දැන්වීමක් පළ කර විධිමත් ක්‍රියාපටිපාටියකින් තොරව මෙලෙස කටයුතු කරන්නේ පැහැදිලි වශයෙන් මගඩියක් සිදුවන නිසා බවයි තතු දත් ආරංචි මාර්ග පවසන්නේ.