24 හැවිරිදි මවගේ සහ දියණියගේ සිරුරු හමු වේ.

අඟුරුවාතොට ප්‍රදේශයෙන් අතුරුදන් වූ බව කියන තරුණියකගේ සහ බිළිඳාගේ මළ සිරුරු රත්මල්ගොඩ කැලෑ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

අදාළ කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර දරුවා මාස 11ක් වයසැති බිළිඳෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

බස්නාහිර පළාතේ අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් මෙම කාන්තාව සහ ඇයගේ බිළිඳා අතුරුදන් වී ඇත්තේ මීට දින දෙකකට පෙරයි.

රැකියාව නිමවී නිවසට පැමිණි කාන්තාවගේ සැමියා ඔවුන් නිවසේ නොසිටි බැවින් පොලිසියට දන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles