අනියම් බිරිඳ කුලී නිවස තුළ මරා දමලා

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන 32 හැවිරිදි අයෙක් කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවක්.

ඇය අත්අඩංගුවට පත් සැකකරුගේ අනියම් බිරිඳ බවයි සඳහන් වන්නේ.

සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළ අනියම් බිරිඳව ඝාතනය කර සිටියදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ හා බියගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles