දඹරන් බුදු පිළිමය විකුණන්ට ගිය මිත්තණිය දැලේ

කුඹුරක තිබූ නිධානයකින් ලබා ගත් දඹරන් පිළිමයක් බව කියන, බුදු පිළිමයක් රුපියල් ලක්ෂ 50ක මුදලකට විකිණීමට ගිය දේවාලයක් පවත්වා ගෙන යන වයෝවෘද්ධ කාන්තාවක්, මැණික් ගල්වලට සමාන ගල් හතරක් සමඟ ඊයේ (04) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

ගල්නෑව කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි මෙම සැකකාර කාන්තාව බුදු පිළිමයක් විකිණීමට යන බවට අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදු කර සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දේවාලයට පැමිණි පුද්ගලයෙකු හට දේවාරූඪයෙන් සාස්තර කියන අවස්ථාවේදී අසල කුඹුරක ගල්තලාවක මෙම පිළිමය තිබෙන බවට පැවසීමෙන් අනතුරුව ගල්තලාවේ, අදාළ ස්ථානයේ ගල්පතුරක් කැඩීමේදී, මෙම මැණික් ගල් හතර සහ පිළිමය හමුවූ බව සැකකාරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් උපාය දූතයෙකු යොදවා දඹරන් පිළිමය මිලදී ගන්නා බවට පවසා, ගැනුම්කරුවෙකු ලෙස ගොස් සැකකාරිය අත්අඩංගුවට ගත් ගෙන ඇති අතර සැකකාරියගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ පුද පූජා පවත්වන බුදු පිළිමය අසල වතුර පිරවූ වීදුරු බෝතලයක දමා තිබී, මැණික් ගල්වලට සමාන එම ලා නිල් පැහැති ගල් හතරද හමුවූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගල්නෑව පොලිසියට භාර දුන් බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles