කොරියාවේ රැකියා වෙනුවෙන් පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමික තරුණයන් 100 සඳහා වෙන් කරවාගෙන තිබූ ගුවන් යානයක් ප්‍රමාද වීම නිසා අදාළ ගමන අවලංගු වීමෙන් එම තරුණයන්ගේ රැකියා අවදානමට ලක්ව තිබෙනවා.
පෙරේදා (19) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර, ගුවන්තොටුපොලේ උණුසුම් තත්වයක් හටගත් බව වාර්තා වුණා.
නියමිත දිනට නොපැමිණීම නිසා අප්‍රේල් 03 වැනිදා වන තුරු නොපැමිණෙන ලෙසයි කොරියාවෙන් දන්වා ඇත්තේ.
ස්ථිර වශයෙන් ම මේ හේතුවෙන් 10කට ආසන්න පිරිසගේ රැකියා සිහිනයට තිත තැබෙන බව පැවසෙන්නේ ඒ වන විට ඔවුන්ගේ වයස් සීමාව ඉක්ම යන බැවින්.
පසුගිය වසරේ ද මෙවැනි ම සිදුවීමක් වාර්තා වූ අතර මහජන මුදල් කාබාසීනියා කරමින් පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර් විසින් රටට විදේශ විනිමය ගෙනෙන රැකියා මෙලෙස අර්බදයට යැවීමෙන් රටට එන මුදලටද තට්ටු වෙන බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
Ashok Pathirage 😂