මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලුයම කඩා වැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසලක් කොල්ලකා පළාගොස් ඇති බව වාර්තා වෙනවා.
කොල්ලකරුවන් වෙළෙඳසැලේ ලාච්චුව තුළ තිබූ මුදල් කොල්ල කා යන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව ඇති අතර එහි යට ලාච්චුවේ තිබූ මුදල් ලබාගැනීමට යතුර ඉල්ලා එහි සේවිකාවක් වන තරුණියකට වෙඩි තබා ඇති බවයි සඳහන් වන්නේ.
එලෙස වෙඩිවැදී තුවාල ලබා ඇත්තේ එම වෙළෙඳසැලේ මුදල් අයකැමි ලෙස සිටි 23 හැවිරිදි තරුණියක් බවද වෙඩි තැබීමෙන් ඇයගේ උදරයට වෙඩි උණ්ඩ 3ක් වැදී ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
තුවාල ලැබු තරුණිය මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොල්ලය සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා පළාගොස් ඇති බවයි සඳහන් වන්නේ.
වෙඩි තැබීම සිදුවු වෙළෙඳසැල ඉදිරිපිට ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ පිහිටා ඇති බවත් කොල්ලකන ලද මුදල මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, ආසන්නයේ පොලිස් මුරපොලෙන් නිලධාරීන් කැඳවා ගැනීමට ද විශාල කලබැගෑනියක් කිරීමට සිදු වූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.