හිමිනමට වෙඩි තැබූ සිද්ධියේ තවත් තොරතුරු එළියට

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී ඊයේ (23) දා හිමිනම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

හිමිනම ඝාතනය කිරිමට පෙර සැකකරුවන් එම හිමිනමගෙන් යමක් ඉල්ලා ඇති බවත් එහි දී ඇති වූ බහින්බස්වීමක දී ගිනි අවියකින් අහසට වෙඩි තබා පසුව හිමිනමට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව පවසනවා.

හිමිනම ඝාතනය කිරීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති අතර සැකකරුවන් ව්‍යාජ අංක තහඩු සහිත වාහනයකින් පැමිණ ඇති බවයි සනාථ වී තිබෙන්නේ.

එදිනම (23) දා සවස මෙම සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී සොයාගත් බව කඩුවෙල පොලිසිය පවසනවා.

මෙ‌ම මෝටර් රථය සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී අනාවර්ණය වූයේ කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවත් ඒ අනුව එම රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක අලුත්වැඩියක් සඳහා යොමු කළ බව වාහනයේ හිමිකරු පොලිසියට කියා ඇති බව ප්‍රශ්න කිරිම් හමුවේ වාර්තා වී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles