ද්විත්ව පුරවැසිභාවය දරණ තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ සිටින බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ඩයනා ගමගේ හා සමානවම ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති අදාළ මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවයත් රැකගෙන මන්ත්‍රී පදවිවලින් ඉල්ලා අස්විය යුතු බව උන්වහන්සේ අවධාරණය කරනවා.
වැඩිදුරටත් අදහස් දැක් වු සෝභිත හිමියන්,
“අධිකරණයට යන්න කාලය හා ධනය වැය කරන්න අවශ්‍ය නැහැ. ද්විත්ව පුරවැසිභාවය තිබෙන මන්ත්‍රීධූරවල ඉන්න සියලුම දෙනාට අපි කියනවා නම්බු ඇතිව දැන්ම තනතුරුවලින් ඉවත් වෙන්න කියලා. පක්ෂ නායකයින්ට අපි මතක් කරන්න කැමතියි තමන්ගේ පක්ෂවල නියෝජිතයින් හැටියට තෝරගන්නකොට මෙවන් නීතිගරුක නොවන පුද්ගලයින්ව තෝරගන්න එපා කියලා.”