දමිතාට එරෙහිව තවත් මුදල් වංචා පැමිණිලි

විදේශගත කරන බවට පවසා මුදල් ලබාගෙන වංචාවක් කරන ලදැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රකට නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිලි දෙකක් ගොනු කර ඇති බව එම නඩුවේ පැමිණිලිකරු සඳහන් කරනවා.

ප්‍රසන්න නම් අයෙකු වන ඔහු සඳහන් කළේ කුරුණෑගල වංචා හා විමර්ශන ඒකකයේ සහ පෑලියගොඩ පොලිසියේ තවත් පැමිණිලි දෙකක් සටහන් කර ඇති බවයි.

තමන් විපක්ෂනායකවරයා වෙත ද ගෙන ගොස් හඳුන්වා දුන් බවත්, දමිතාගේ මෙම වංචා ගැන කීමට තමා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ඇමැතුමක් ගත් නමුත් ඔහු පිළිතුරු නොදුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles