මැතිවරණ අත්පත්රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම සඳහා පෙළපාලි ආකාරයටට හෝ ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවයි.
එමෙන්ම අදාළ අත්පත්රිකා බෙදාහැරීමේදී සංගීත වාදන සහ ප්රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම් දී තිබෙනවා.
මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි දැන්වීම් අතිරේක යනාදිය රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
රජයේ නිලධාරීන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගැනීමෙන් වැළකිය යුතු අතර රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්රයන් හි ඡන්ද ආයචනා කිරීම ,අත්පත්රිකා බෙදාහැරීම , ප්රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්රදර්ශනය කිරීම ආදිය නොකළ යුතු බවයි කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.