ලලිත් කොතලාවලගේ මරණය කිහිපදෙනෙක්ගේ වුවමනාවක්: බිරිඳගේ සොයුරිය කියයි

ප්‍රකට ව්‍යාපාරික සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක තොරතුරු ප්‍රමාණයක් එළිදරව් වී තිබෙනවා.

මෙකී මරණයට අදාළ සාක්ෂි විමසීම ඊයේ (6) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරුණා.

එහිදී ලලිත් කොතලාවල ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සොහොයුරියක් සාක්ෂි දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව අවසාන කාලයේදී ව්‍යාපාරිකයා පවුලේ උදවියගෙන් වෙන් කර කණ්ඩායම් දෙකක් විසින් වෙනම ස්ථානයක රඳවා තබාගෙන සිට තිබෙනවා. ඇය පවසන්නේ පවුලේ අයට පවා ඔහුව හමුවීමට තිබූ අවස්ථා සීමා කර තිබුණු බවයි.

මේ පිරිස ලලිත් කොතලාවලට අයත් දේපොළ නීතිවිරෝධී ආකාරයෙන් අත්පත් කරගෙන ඔහු තවදුරටත් ජීවතුන් අතර සිටීමට අනවශ්‍ය බව සිතා ඔහු මරණයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි ඇය වැඩිදුරටත් සාක්ෂි දෙමින් පවසා සිටියේ.

මෙය ස්වභාවික මරණයක් නොව පුද්ගලයන් කිහිපදෙනෙක්ගේ ක්‍රියාදාමයක් නිසා සිදුවූ මරණයක් බව ඇය අධිකරණයේ සාක්ෂි දෙමින් තරයේ කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles