වයස අවුරුදු 15ක් වූ බාලවයස්කාර දැරියට ලිංගික අතවර කිරීම සඳහා අනියම් පුරුෂයාට ආධාර අනුබල දුන් මවකගේ පුවතක් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තවනවා.
ඊට අදාළව එම දැරියගේ මව සහ දැරියට අතවර කළ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසිය ඊයේ (15) පරීක්ෂණ අරම්භ කර තිබෙනවා.
මෙම දැරියගේ පියා පවුලෙන් වෙන්ව සිට ඇති අතර ලිංගික අතවරයට ලක් වූ බාල වයස්කාර දැරිය රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය විසින් පවසන්නේ.
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සහ දැරියගේ සහෝදරයා පොලීසියට පැමිණ තිබුණේ මව විසින් ඔවුන්ට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත බවයි (14) දිවුලපිටිය පොලිසිය සඳහන් කරන්නේ.
එහිදී දෙපාර්ශ්වයම පොලිසියට පැමිණ ඇති අතර දැරියගේ සහෝදරයා මවට පහර දීමට තැත් කිරීම සහ මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙනුයි මව එම දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
නමුත් නිසි භාරකාරත්වයක් නොමැතිවීම හේතුවෙන් දැරිය ද එහි දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඊයේ (15) ඉදිරිපත් කළ බව පොලීසිය පවසනවා.
එහිදී දැරිය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බව ද සඳහන්.
පසුව දැරිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මවගේ අනියම් සැමියා විසින් ඉකුත් ජුලි මාසයේ සිට නිවසේ කාමරයක් තුළ දී වරින් වර ලිංගික අතවර කළ බවට දැරිය පොලිසියට පවසා තිබෙනවා.
වැඩිදුරටත් පොලිසිය කියා සිටියේ සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් දැරිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.
කෙසේවෙතත්, දැරියගේ මව සහ අනියම් සැමියා පදිංචි නිවසින් අතුරුදන්ව ඇති පොලිසිය පවසන්නේ