ඉතාලියේ සිසිලි දූපතේ පිහිටා ඇති එට්නා යමහල නැවත විදාරණය වන්නට පටන් ගෙන ඇතැයි බටහිර පුවත් ඒජන්සි වාර්තා කරනවා.
එට්නා යුරෝපයේ ඇති සක්රියම ගිනිකන්ද වුවත්, මේ දක්වා අවදානම් තත්වයක් මතුව නැති බවයි වාර්තා වන්නේ.
විදාරණය වීම් ගැන ලොව පැරණිම ඉතිහාසයක් සහිත ගිනිකන්ද ලෙසද සැලකෙන එට්නා සැලකිය යුතු හානියක් සිදු කරන්නේ කලාතුරකින් බවයි, පැවසෙන්නේ.