සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රථය අද ( 03 ) අලුයම කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
මෙම අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර මන්ත්රීවරයාට හෝ ජීප් රථයේ ගමන් කළ කිසිවෙකුට තුවාල සිදු වී නැති බව පොලීසිය සඳහන් කරනවා.
මන්ත්රීවරයා රැගත් ජීප් රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී ජීප් රථය මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
තුවාල ලැබූ යතුරුපැදිකරු ප්රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.