පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා හිමි වන පිස්තෝලයට අමතරව රිපීටර් අවියක් ලබාදීමට රජය තීරණය කර තිබුණද තවමත් ඒ සඳහා මන්ත්රීවරුන් දස දෙනෙකුවත් අයදුම් කර නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
මන්ත්රීවරුන් සඳහා මෙම රිපිටර් අවියක් ලබාදීමට රජය තීරණය කර ඇත්තේ පසුගිය අරගල සිද්ධිය මුල් කරගනිමින් බවයි පැවසෙන්නේ.
මෙම රිපීටර් අවි ලබාදීම වෙනුවෙන් මන්ත්රීවරුන්ගෙන් ගාස්තුවක් අය කෙරෙන බවද සඳහන්.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමි වන පිස්තෝලය පවා ලබාගෙන නොමැති මන්ත්රීවරුන් තිහක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.